ඇසට පෙනෙන තරමට වඩා
හරකුන් මෙල්ල කරන තරඟයකට ඔබ සහභාගී වුවහොත් ඔබ ඔවුන්ව දකිනු ඇත. අතක ඇඟිලි හතරක් ඇති ක්‍රීඩකයන්ගේ මහපටැඟිල්ල තිබුණු තැන ඇත්තේ ඇඟිලි කොටයක් පමණී. එය එම ක්‍රීඩාවේ සාමාන්‍ය තුවාලයකි. එක් පැත්තකින් ලණුවකට හිරවූ මහපටැඟිල්ල අනෙක් පැත්තෙන් විශාල ගොනෙකු අදින්නේය. සාමාන්‍යයෙන් පරාජය වන්නේ මහපටැඟිල්ලය. ඉන් ක්‍රීඩාව නතර වන්නේ නැත. නමුත් මහපටැඟිල්ල නැතිකම බොහෝ දේවල් වෙනස් කරන්නේය. මහපටැඟිල්ල නැතිව ඔබගේ දත් මැදීමට, බොත්තමක්…
අපි ධූලි වන්නෙමු
තරුණ පියාගේ ඉවසීමේ සීමාව පනිමින් තිබුණි. “අයිස් ක්‍රීම්, අයිස් ක්‍රීම්” පොඩි දරුවා කෑ ගැසීය. සුපිරි වෙළඳ සැළ තුළ සිටි අයගේ අවධානය ඒ වෙතට යොමු විය. “හරී, අපි ඉස්සර වෙලා අම්මා ගැන බලන්න ඕනෑ” පියා කීවේය. “නැහැ...... අයිස් ක්‍රීම් ඕනෑ” කියා දරුවා කෑ ගැසීය. ඒ වෙලාවේදී කාන්තාවක් ඔවුන් අතරට පැමිණියාය. පෙනුමෙන් කුඩා හොඳින් ඇඳ පැළඳගත් අත්බෑගයට සරිලන සපත්තු දමා ගෙන සිටි…
ජීවිතය පූර්ණත්වයට
වර්ෂය 1918 ය. පළමුවන ලෝක මහා යුද්ධය අවසන් වෙමින් තිබුණි. ඡායාරූප ශිල්පී එරික් එක්ස්ට්‍රොම් ඔහුගේ වැඩ වල එකතුවක් සාදමින් සිටියේය. බොහෝ සෙනගට හිස් බවක් දැණුන එම කාලයේ පූර්ණත්වය පෙන්නුම් කරන ඡායාරූපයක් ඇතුළත් කිරීමට ඔහුට අවශ්‍ය විය. දැන් ඔහු බොහෝ ආශා කරන එම ඡායාරූපයේ රැවුළ වැවුණු වයසක මිනිසෙකු මේසයක වාඩිවී ඔහුගේ හිස නවාගෙන යාච්ඤාවෙන් අත් එකතු කර ගෙන සිටී. මේසය මත…
ප්‍රශංසාවේ ජීවිත රටාවක්
වයස අවුරුදු පනහේදී වොලස් ස්ටෙග්නර්ගේ මව මිය ගියාය. ඔහුට වසර අසූවක් වූ විට ඔහු ඇයට සටහනක් ලීවේය. එහි මාතෘකාව වූයේ “බොහෝ ප්‍රමාද ලිපිය” කියාය. ඔහු එහිදී ඇය හැදී වැඩී විවාහ වී බටහිර එක්සත් ජනපදයේ එකල තිබූ කටුක පරිසරය මැද දරුවන් දෙදෙනෙකු හදා වැඩූ ස්ත්‍රියක් ලෙස ඇයව හඳුන්වා දුන්නේය. ඇය ආශාවක් ඇති නොවන පුද්ගලයින් පවා දිරිමත්කළ භාර්යාවක් සහ මවක් වූවාය. තම…
දෙන තැනැත්තාණන් අමතක නොකරන්න
ඒ නත්තලට පෙරය. ඇයගේ දරුවන්ට කෘතඥතාවය ගැන ගැටළු තිබුණි. ඒ ලෙස කල්පනා කිරීමට පෙළඹවීම කෙතරම් පහසුදැයි ඇය දැන සිටියාය. නමුත් ඇයගේ දරුවන්ගේ සිත් පුබුදු කිරීමට ඊට වඩා හොඳ දෙයක් ඇයට අවශ්‍ය විය. ඒ හෙයින් ඇය ගෙය පුරා තිබෙන විදුලි ස්විච්වල, ශීතකරණ දොරවල, රෙදි සෝදන යන්ත්‍රයේ, ජල කරාම වල රතු පටි ඇලෙව්වාය. සෑම පටියකටම යටින් අතින් ලියු සටහනක් විය. “දෙවියන්වහන්සේ දෙන…
දෙවියන්වහන්සේගේ විශේෂ වස්තුව
විශාල සිංහාසන කුටියක් ගැන සිතා ගන්න. සිංහාසනයේ ශ්‍රේෂ්ඨ රජෙකු වාඩිවී සිටියි. රජුව වට කර ගෙන විවිධ ආවතේව කරුවන් සිටින්නෝය. සෑම කෙනාම උපරිමයෙන් හැසිරේ. රජුගේ පාමුල පෙට්ටියක් ඇතැයි සිතන්න. වරින් වර රජු නැමී එම පෙට්ටිය තුළ තම ඇඟලි එහේ මෙහේ යවයි. එම පෙට්ටියේ ඇත්තේ මොනවාද? විශේෂයෙන් රජුගේ කැමැත්ත පරිදි එහි මුතු මැණික් සහ රන්ද මාල වළලු යනාදියද තිබුණි. මෙම පෙට්ටියේ රජුගේ…
නිශ්චල දිවියක් සොයා ගැනීම
“ඔයා ලොකු උනාම මොනවද කරන්නේ?”. දරුවන් ලෙසද සමහර විට වැඩිහිටියන් ලෙසද අප එම ප්‍රශ්නය අසා ඇත්තෙමු. එම ප්‍රශ්නය නැගෙන්නේ කුතුහලය නිසාය. පිළිතුර බොහෝ විට අරමුණ ප්‍රකාශ කිරීමක් ලෙස ඇඟවෙයි. මගේ පිළිතුර වසර ගණනාවක් වෙනස් වෙමින් පැවතුණි. එය ආරම්භ වූයේ බැටළුවන් බලා ගන්නා අයෙක්, ලොරි රියැදුරෙක්, සොල්දාදුවෙක් යන ලෙසටය. ඉන්පසු මම විදුහලට ඇතුල් වූයේ වෛද්‍යවරයෙක් වීමට ඉගෙන ගැනීමටය. නමුත් “නිශ්චල ජීවිතයක්”…
ඔබගේ යුධායුධ විශ්වාස කරන්න
තරුණ ලේඛකයෙකුව සිටින කාලයේ මා වැඩමුළුවලට සහභාගී වන විට මට මා ගැන ස්ථිරතාවයක් නොතිබුණි. මා වට පිට බලන විට මා දුටුවේ කාමර වල පිරී සිටින “ලේඛක යෝධයින්ය”. එනම් විධිමත් පුහුණුවක් ලැබූ හෝ වසර ගණන් අත්දැකීම් ඇති අයවළුන්ය. නමුත් මට තිබුණේ භාෂාවෙන් සැකසුණු දෙකන් සහ බයිබලයේ කිං ජේම්ස් අනුවාදයේ ස්වරය පමණි. එය මාගේ යුධායුධ විය. මාගේ ලිවීමට ඉවහල් වූ ලිවීමේ ක්‍රමය…
අවසන් වදන්
ඇයගේ නම සැරලින්ය. අපගේ පාසැල් කාලයේදී මට ඇය ගැන සිතක් විය. ඇයට ඉතාම පියකරු සිනහවක් තිබුණි. මාගේ කැමැත්ත ඇය දැන සිටියාදැයි මම නොදනිමි. නමුත් එහෙම වෙන්නට ඇතැයි මම සැක කරමි. උපාධියෙන් පසු මට ඇය මග හැරුණි. සාමාන්‍යයෙන් සිදුවන පරිදි අපගේ ජීවිත දෙ අතකට ගියෝය.
මා අපගේ පංතියේ අය සමග අන්තර් ජාලයෙන් සම්බන්ධ වෙමි. සැරලින් මිය ගිය බව ආරංචි වී මට…
ගායනා කිරීමට හේතුවක්
නීති මාලාවකින් ජීවත්වූ අයෙක් ලෙසට එය මට විශාල පරාජයක් මෙන් දැණුනි. මා කුමක් කරන්නද? මම නින්දට වැටුණෙමි. අපගේ දරුවන් සවසට ගෙදරින් පිටවූ විට ඔවුන්ට නැවත පැමිණිමට මම වෙලාවක් කියා තිබුණි. ඔවුහු හොඳ දරුවෝය. නමුත් මාගේ පුරුද්ද වූයේ ඔවුන් දොර අරින ශබ්දය ඇසෙන තුරු අවදිව සිටීමය. මා එය කළ යුතු නොවීය. නමුත් මම එය තෝරා ගත්තෙමි. එහෙත් එක් රාත්‍රියක මට ඇහැරුණු…